
මේ ඇසුරු කරන්න ඕනේ පුද්ගලයෝ ගැන දෙපාරක් හිතන්න ඕනේ කාලයක්.
සමහර විට ඇසුර වැරදුනොත් සසරම වරදින්න පුළුවන්.
කටුනේරිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි ව්‍යාපාරිකයෙකුගේ මළ සිරුර ලුණුවිල වාහන සේදුම් ස්ථානයක අපවිත්‍ර ජලය එකතුවන වලක තිබී සොයා ගෙන තිබෙනවා.
පසුගිය 30 වැනිදා මාරවිල, කටුනේරියේ පිහිටි නිවසින් බැහැරව ගොස් සිටි මෙම ව්‍යාපාරිකයා පිළිබඳ තොරතුරක් වාර්තා නොවූ නිසා ඔහුගේ මව විසින් මේ පිළිබඳ මාරවිල පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා.
මේ පිළිබඳ විමර්ශන සිදු කරන පොලිස් නිලධාරීන් විසින් ව්‍යාපාරිකයාට අයත් කැබ් රථය වෙන්නප්පුව කොස්ගස්හන්දිය ආසිරි මාවතේ ඉදිවෙමින් පවතින නිවසක් අසළින් සොයා ගනු ලැබුවා.
අනතුරුව එම නිවසේ හිමිකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් හෙළි කර ගත් කරුණු මත තවත් සිව්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී සැකකරු පවසා ඇත්තේ අදාළ සැකකකරුවන් පිරිස ව්‍යාපාරිකයාගේ මිතුරන් බවත් ඔවුන් පසුගිය 30 වැනිදා රාත්‍රියේ ව්‍යාපාරිකයා සමඟ මත්පැන් පානය කළ බවයි.
එහිදී ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් එක් අයෙක් පිහියකින් ඇණ ව්‍යාපාරිකයා ඝාතනය කර ලුණුවිල පිහිටි වාහන සේදුම් ස්ථානයේ අපවිත්‍ර ජලය එකතුවන වලකට දැමූ බව සැකරුවන් හෙළිකර තිබෙනවා.
උදාසිරිගම පොලිසිය විසින් අදාළ ස්ථානයෙන් ව්‍යාපාරිකයාගේ සිරුර ගොඩගැනීමට කටයුතු කර ඇත්තේ ඒ අනුවයි.
මාරවිල අතිරේක මහේස්ත්‍රාත් එච්. දිනිදු සමරසිංහ මහතා ඊයේ පෙරවරුවේ සිද්ධිය සිදු වූ ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළා.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
0 Comments