මේ සිද්ධිය ගැන බොහෝ දෙනෙක් කතා වුණා.. ඒ අතරතුර ඇගේ මරණය වගේම ඒ සම්බන්ධයෙන් තවත් සැඟවුණු රහස් බොහෝමයක් ගැන කතා වුණා..
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් කතාවක්..
මාරවිල මරඳ ප්‍රදේශයේදී පෙරේදා රාත්‍රි ත්‍රිරෝද රථයක යමින් සිටි වසන්ති චතුරාණි නමැති සුරූපී කාන්තාවක පසුපස යතුරුපැදියකින් පන්නාගෙන ආ කුලී ඝාතකයන් දෙදෙනකු විසින් ඇගේ හිසට වෙඩි තබා ඝාතනය කිරීම මත්ද්‍රව්‍ය ආරවුලක් මත සිදුවන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරනවා..
මෙම සුරූපී කාන්තාව පුද්ගලයන් කීපදෙනකු සමගම සමීප සබඳතා පවත්වාගෙන ගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මෙම ඝාතනයට මුල් වූයේ ද යන්න පිළිබඳව ද පොලිසියට සැකයක් මතු වී තිබෙනවා.
මෙම කාන්තාව වෙඩි තබා ඝාතනය කරන අවස්ථාවේ ඇගේ දස හැවිරිදි පිරිමි දරුවා ද ත්‍රිරෝද රථයේ සිට ඇති අතර එම දරුවාට ද තුවාල සිදුවී ඇත. ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ එම කාන්තාව සමග ඇගේ තවත් අනියම් සැමියකු ද ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිට ඇතත් ඔහුට කිසිදු අනතුරක් සිදුවී නැහැ..
පාතාල කුලී ඝාතකයන්ගේ ප්‍රහාරයෙන් ඝාතනයට ලක්ව ඇත්තේ 30 හැවිරිදි වසන්ති චතුරාණි නමැති තිදරු මවක්..
මෙම කාන්තාව අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින අතර, ඇය මත්ද්‍රව්‍ය ජාවාරමේ ද නිරතවී සිටින බව පොලිසිය පවසනවා..
කාන්තාවගේ නීත්‍යනුකූල සැමියා මෙන්ම අනියම් සැමියා ද මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටිති. මෙම කාන්තාව ද මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට ඇප මත මුදාහැර ඇත්තේ මීට මාස 03කට පමණ පෙරයි..
ඇප ලබාගැනීමෙන් පසුව ද ඇය නිවසට පැමිණ නැවතත් සුපුරුදු ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම් ආරම්භ කර ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබෙනවා..
මත්ද්‍රව්‍යලෝලීන් දෙදෙනකු පෙරේදා රාත්‍රියේ ඇගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබා දී මත්ද්‍රව්‍ය පැකට් 2ක් ඉල්ලා ඇති අතර, ඇය එම මත්ද්‍රව්‍ය පැකට් දෙක ද රැගෙන සිය දරුවා සහ අනියම් සැමියා සමග මැද නාත්තන්ඩිය ප්‍රදේශයේ පිහිටි ඇගේ මවගේ නිවස අසලට ගොස් තිබෙනවා..
ඒ අවස්ථාවේ මත්ද්‍රව්‍ය ගැනීමට ඇමතුම් ලබාදුන් පුද්ගලයන් නැවත ඇගේ දුරකථනයට ඇමතුම් ලබාදී සුළු මොහොතකට ප්‍රමාදවී පැමිණෙන බව දැනුම් දී තිබුණා..
ඒ අනුව මෙම කාන්තාව විනාඩි 20කට ආසන්න කාලයක් ත්‍රිරෝද රථයට වී මාර්ගය අසල රැඳී සිට ඇති අතර,
ඒ අවස්ථාවේ යතුරුපැදියක පැමිණි පාතාල කුලී ඝාතකයන් දෙදෙනකු ත්‍රිරෝද රථයේ සිටි කාන්තාවගේ හිසට වෙඩි තබා ඝාතනය කර පලාගොස් තිබෙනවා..
ප්‍රහාරය එල්ලවීමෙන් පසු ඇගේ දස හැවිරිදි දරුවා ත්‍රිරෝද රථයෙන් බැස දිවගොස් ඇත. කාන්තාව සිද්ධිය වූ ස්ථානයේම මියගොස් තිබෙනවා..
මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඝාතනයට ලක්වූ කාන්තාවට දුරකථන ඇමතුම් ලබාදී මත්ද්‍රව්‍ය ඉල්ලා සිටි තරුණයන් දෙදෙනෙක් පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කිරීම සිදුවෙනවා..
පුත්තලම දිස්ත්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ උපදෙස් මත හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙනවා..
දිවයින පුවත්පත ඇසුරෙන්..

0 Comments