Hot Posts

පුද්ගලයින් 50කට ආසන්න පිරිසක් රැගත් රුසියානු ගුවන් යානයක් අතුරුදහන්

 

රුසියාවේ පෙරදිග ප්‍රදේශයේදී පුද්ගලයින් 50 දෙනෙකු පමණ රැගත් An-24 මගී ගුවන් යානයක් සමග ගුවන් ගමනාගමන පාලක නිලධාරීන්ගේ සම්බන්ධතා බිඳ වැටී තිබෙනවා.

යානය සොයා සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි කලාපීය ආණ්ඩුකාරවරයා පවසා ඇත්තේ.



සයිබීරියාව පදනම් කරගත් අංගාරා නම් ගුවන් සමාගමක් විසින් මෙහෙයවනු ලබන මෙම ගුවන් යානය චීනයට මායිම්ව පිහිටි අමූර් කලාපයේ නගරයක් වන ටින්ඩා වෙත ළඟා වෙමින් සිටියදී රේඩාර් තිරවලින් ඉවත් වූ බව ප්‍රාදේශීය හදිසි අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා.

ප්‍රාදේශීය ආණ්ඩුකාර වාසිලි ඔර්ලොව් පැවසුවේ මූලික දත්ත වලට අනුව, ළමයින් පස් දෙනෙකු ඇතුළුව මගීන් 43 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු එහි සිටි බවයි.

Post a Comment

0 Comments