Hot Posts

ගුරු සිසු ප්‍රේමය

  

අවුරුදු පහළොවක් වයසැති තම පාසලේ ශිෂ්‍යයකු  ලිංගික කටයුතුවලට යොමුකර ගත් පාසල් ගුරුවරියක මොනරාගල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොනරාගල පාසලක සේවය කරන මොනරාගල පදිංචි හතලිස්එක් හැවිරිදි ගුරුවරියක වන දෙදරු මවක් බවයි සදහන් වන්නේ.

ඇය තම පාසලේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයා ගුරුවරියගේ නිවසට ගෙන්වා ගෙන ලිංගිකව හැසිරී ඇති බවත් සදහන්.

තම දරුවා ගුරුවරියගේ නිවසට යාමත් ගුරුවරිය නිතරම දුරකථනයෙන් කථා කිරීමත් පිළිබඳව ශිෂ්‍යාගේ මවට සැකයක් මතුවී ඔහුගේ ජංගම දුරකථනයට ලැබුණු එස්.එම්.එස් පණිවිඩ පරීක්ෂා කිරීමේදී තම පුතා ගුරුවරිය සමග ලිංගික සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

ඒ පිළිබඳව මොනරාගල පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව ගුරුවරිය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ගුරුවරිය සමග සිසුවා ලිංගික සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති බවත් ඊට ශිෂ්‍යයා පොලඹවාගෙන ඇත්තේ අකමැත්තෙන් බවත් හෙළිවී ඇති බවයි සදහන් වන්නේ.

මාස තුනකට ආසන්න කාලයක් ගුරුවරිය සිසුවා පොළඹවා ගෙන තිබෙනවා.

වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ශිෂ්‍යයා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර පාසල් ගුරුවරිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් සදහන්.

Post a Comment

0 Comments