ආදරය නිසා මිනිස්සුන්ට ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා සමහර අය කීමට කියනවා..
ඒ වුණාට තමන්ට අහිමි වෙන්න යන ආදරය රැකගන්න අපූරු වැඩක් කළ සැමියෙක් ගැන වවුනියාව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා..

අනියම් පෙම්වතා සමග පැන ගිය තම බිරිඳ ආපසු කැඳවා දෙන ලෙස ඉල්ලමින් වවුනියාව බණ්ඩාරිකුලම ප්‍රදේශයේ දෙදෙරු පියෙක් වවුනියාව පොලිසිය ඉදිරිපිට පිහිටි රූස්ස ගසකට නැග 3 දා විරෝධතාවයක නිරත වී තිබුණා..
ගසට නගින ලද පුද්ගලයා කියා සිටියේ ඔහුගේ බිරිඳ ගෙනැවිත් නොදෙන්නේ නම් එම ගසෙන් බිමට පැන සිය දිවි හානි කර ගන්නා බවයි...
ජංගම දුරකථනයක් ද රැගෙන ගස මුදුනට ගොස් සිටි ඔහු අනෙක් සියලු දෙනා සමග පණිවුඩ හුවමාරු කර ගනා ලද්දේ එම දුරකථනය ඔස්සේයි..

සිද්ධිය සැලවීමත් සමගම ගසට නගින ලද පුද්ගලයාගේ ඥාතීන් දරුවන් දෙදෙනා ද සමග ගස යටට පැමිණ ඔහුට බැගෑපත් වෙමින් ප්‍රකාශ කළේ කෙසේ හෝ බිරිඳ රැගෙනවිත් දෙන නිසා ගසින් බිමට නොපැන වහාම ඉන් බසින ලෙසයි...
පොලිස් නිලධාරීන් පැය දෙකකට වඩා වැඩි කාලයක් ඔහු සමග අදහස් හුවමරු කර ගත් නමුත් ඔහු ගසින් බැසීමට එකඟ නොවුණු බවයි..
පසුව ඔහු රවටවා ගසින් බස්සවා ගත් පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ ප්‍රකාශයක් මත පලා ගිය බිරිඳ ද අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබෙනවා..

0 Comments