Hot Posts

මව සහ පුතා මරා ගත් පලිය

 

නිවසට ආ ඔහු තරමක් කලබල වුණේ ඔවුන් ගැන කිසිම හෝඩුවාවක් නැති නිසා කිව්වොත් හරි..

ඝාතනය කර ඇති ආකාරය

ඇත්තටම ඔහුගේ බිරිඳටත් දරුවාටත් මොකක්ද මේ වුණේ..? මේ ඉන්දියාවෙන් ඇසෙන තවත් එක් අනුවේදනීය කතාවක්..

මවක් සහ පුතෙක් අවාසනාවන්ත ලෙසින් ඝාතනය කළ පුවතක් පිළිබඳව මේ තොරතුරු වාර්තා වෙන්නේ, ඉන්දියාවේ ලජ්පාත් නගරයෙන්... මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 42ක් වූ මවක් සහ ඇගේ 14 හැවිරිදි පුත්‍රයායි...

ඔවුන්ගේ මළ සිරුරු නිදන කාමරයේ සහ වැසිකිළියේ තිබී සොයාගත් බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ.. ඝාතයට ලක් වූ කාන්තාවගේ සැමියා විසින් තම නිවසේ දොරගුළු දමා ඇති බවත්, නිවසේ පඩිපෙළෙහි ලේ පැල්ලම් ඇති බවත්, බිරිඳ සහ දරුවා දුරකථන ඇමතුම්වලට සම්බන්ධ නොවන බවත් පවසමින් පොලිසියට ඇමතුමක් ලබා දී තිබෙනවා..

වහාම ක්‍රියාත්මක වූ පොලිසිය අදාළ නිවසේ දොරගුළු කඩා පරික්ෂා කිරීමේදී කැපුම් තුවාල සහිත ඔවුන්ගේ සිරුරු ඔවුන්ගේ නිදන කාමරයේ සහ වැසිකිළියේ තිබී සොයාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ..

සිදුවීම සම්බන්ධයෙන් සැකපිට ඔවුන්ගේ වෙලඳසැලක සේවය කළ 24 හැවිරිදි සේවකයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර සිදුවීම පිළිබඳව වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි..

Post a Comment

0 Comments