Hot Posts

ගනිකාවක් මාද්‍යට කිව්ව කතාව

 

මගේ ලොකු පුතා දන්නවා මම ඩීල් යනවා කියලා..
 
සමහර මිනිස්සු අසරණ වුණාම ජීවිතේ වැරදි පාරවල් හොයාගන්නවා.
 
සමහරවිට ඒ වැරදි පාරේ යන්නේ තමන්ගේ දරුවා උස් මහත් කරන්න වෙන්න පුළුවන්.
 
එහෙමත් නැත්නම් ලෙඩ ඇදේ ඉන්න තමන්ගේ අම්මා තාත්තා දරුවෙක් රැකබලාගන්න වෙන්නත් පුළුවන්.
 
මේ කියන්න යන්නෙත් තමන්ගේ දරුවෝ තුන්දෙනාගේ ජීවිතේ ලස්සන කරන්න ගණිකා සේවයේ නිරතවෙන කාන්තාවක් ගැනයි.
 
මේ නිට්ටඹුවේ පදිංචි එවන් කාන්තාවක් ගැන ඇසුණු සංවේදී කතාවක්.

මගේ මහත්තයා හමුදාවේ හිටියේ.. එයාට වෙන සම්බන්ධයක් තිබුණා.. දරුවෝ තුන්දෙනෙක් මේ ලෝකෙට බිහිකළාට පස්සේ එයා අපිව දාලා වෙන කෙනෙක් එක්ක ගියා මහත්තයෝ..
 
ඊට පස්සේ මම දරුවෝ තුන්දෙනෙක් එක්ක තනිවුණා.
 
මම එයාලගේ අනාගතේ හදන්න රට ගියා.. පුළුවන් උපරිමයෙන් මහන්සි වුණා.
 
ඒ නිසාම පොඩි පුතා 10 වසරෙදි ඉස්කෝලේ ගමන නතර වුණා.
 
මම අවුරුදු තුනක් රට ඉඳලා ගෙදර ආවා.
අනෙක් දරුවෝ දෙන්න හොඳට ඉගෙන ගන්නවා..
 
මගේ අම්මට දැන් අසනීපයි.. දරුවෝ තුන්දෙනෙක්ව බලාගෙන අම්මව බලාගන්න මාසෙට ලොකු වියදමක් යනවා.
 
සමහරුනම් කියයි ලේසියට මම මේ රස්සාව කරනවා කියලා.. හැබැයි අද කාලේ පවුලක් ජීවත් කරවන එක කොයි තරම් අමාරුද කියලා ඒ දුක දන්න අයට තේරෙයි.
 
මම දැන් ඩීල් යනවා.. රුපියල් 6000 ක් ගන්නවා.. හොඳ මිනිස්සු ඉන්නවා අවංකවම උදව් කරන්න කැමති..
 
එහෙම උදව් කරපු අයත් ඉන්නවා.. හැබැයි එන හුගක් අය මාත් එක්ක ඉන්න පැයට විතරයි මට ආදරේ..
 
මගේ ලොකු පුතා දන්නවා මම ඩීල් යනවා කියලා.. ඒත් එයාලත් තේරුම් අරන් ඇති අම්මා මේ හැමදේම කරන්නේ අපිව ජීවත් කරවන්න කියලා

Post a Comment

0 Comments