Hot Posts

යට ඇඳුම්වල සඟවා පිඹුරන් ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙකු තායිලන්තයේදී අත්අඩංගුවට

 



පිඹුරන් තිදෙනෙකු නීතිවිරෝධීව රටින් පිටතට රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු තායිලන්ත ගුවන්තොටුපොළකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

 
තායිලන්ත වනජීවී අපරාධ බුද්ධි මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ පොලාවී බුචකියට් පැවසුවේ නිලධාරීන්ට බුද්ධි තොරතුරු ලැබුණු බවත්, මෙම සැකකරුවෙකු තායි එයාර්වේස් ගුවන් යානයෙන් TG308 බැංකොක් වෙත අලුයම 12.06 ට පැමිණි බවයි. 
 
මෙම සැකකරු මීට පෙර 2024 වර්සයේදී කොළඹදී වනජීවී චෝදනා මත අත්අඩංගුවට පත් වූ පුද්ගලයෙක් බවයි වාර්තා වෙන්නේ. 
 
ඔහුගේ හැසිරීම පිළිබඳව මතු වූ සැකයක් නිසා මෙම පුද්ගලයා පරික්ෂා කර ඇති අතර එහිදී Python regius වර්ගයට අයත් පිඹුරන් තිදෙනෙක් සොයාගත් බවයි විදෙස් මාධ්‍ය සඳහන්කර සිටින්නේ.
 

මෙම පුද්ගලයා අවසරයකින් තොරව සතුන් අපනයනය කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ හා ආරක්ෂණ පනතේ 23 වන වගන්තිය සහ රේගුව හරහා නිෂ්කාශනය නොකළ භාණ්ඩ අපනයනය කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් රේගු පනතේ 242, 166 සහ 252 වගන්ති උල්ලංඝනය කර ඇති බවත් එයට අදාළව ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරන බවයි එරට ආරක්ෂක අංශ වැඩිදුරටත් සඳහන්කර සිටින්නේ.

Post a Comment

0 Comments