"අපේ වාහනෙයි බස් එකයි මූණට මූණ වගේ හැප්පුණා වගේ මට මතකයි. ඒත් එක්කම ලොකු සද්දයක් ඇහුණා. ඒ සද්දෙත් එක්ක මට සිහිය නැති වුණා.
ටිකකින් මට ආපහු සිහිය එනකොට කට්ටිය පොලු අරගෙන කාර් එක කඩනවා. මං කෑ ගැහුවා මගේ අතේ ළමයෙක් ඉන්නවා බේරගන්න කියලා. අපිව එළියට ගන්න ගොඩක් මහන්සි වෙලා කාර් එක කඩලා තමයි ගත්තේ. මගේ අතේ හිටපු බබාව එතන හිටපු කෙනෙකුට දීල මම එළියට ආවා. එහා පැත්තේ ෂීට් එකේ මහත්තයා අපි දිහා බලාගෙන හිටියා. මගේ ළමයා ලොරියේ දාගෙන එනකොට එයා කටින් හුස්ම ගත්තා මම හොඳටම දැක්කා. දරුවගේ ගවුමේ හැමතැනම ලේ තිබුණා.
ඔළුවත් වීදුරු කටුවලට තුවාල වෙලා තිබ්බා. ඊට පස්සෙ අපිව ඉස්පිරිතාලෙකට ගෙනල්ලා දැම්මා. මට හිතුණා දරුවට ගොඩක් අමාරුයි කියලා. එයාල මට මගේ දරුව ගාවට යන්න දුන්නේ නෑ." යැයි නාරම්මල කිවුල්ගල්ලේ දී තිදෙනකුට මරු කැඳවමින් සිදුවූ මාරක රිය අනතුරට මුහුණ දුන් පොල්පිතිගම කුඹුකුලෑව පදිංචි ඒ.එච්.එම්. දිනූෂා නිලානි අතපත්තු පවසනවා.
නාරම්මල ගිරිඋල්ල මාර්ගයේ කිවුල්ගල්ල ප්රදේශයේදී ඉකුත් (19) වෙනි දින සවස මෝටර් රථයක් හා පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ මාරක රිය අනතුරින් යුද හමුදා කෝප්රල්වරයකු සහ වයස මාස දහයක් සහ එකොළහක් වූ සිඟිත්තියන් දෙදෙනකු ද ජීවිතක්ෂයට පත් වූ අතර තවත් පුද්ගලයින් තිදෙනකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා.
අනතුරින් මියගියේ යුද හමුදා කෝප්රල්වරයකු වූ කේ.ඒ. චන්දන සමන් කුමාර (38) හා ඔහුගේ මාස 11ක් වයසැති කේ.ඒ.එච්. මෙනුලී ලවන්‍යා සහ මාස 10ක් වයස ඒ. එච්.එම්. නිලුනී මෙතුල්‍යා නමැති සිඟිත්තියන් දෙදෙනායි.
මෙතුල්‍යා කෝප්රල්වරයාගේ ඥාති දියණියකි.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගිය සිඟිත්තියන් දෙදෙනාගේ සහ පියාගේ මෘත දේහ පෙරේදා රාත්‍රියේ මියගිය යුද හමුදා කෝප්රල්වරයාගේ බිරියගේ මහව දිවුල්ලෑව පිහිටි නිෙවසට රැගෙන ආවේ මේ සිදුවීමෙන් කම්පනයට පත් වූ දහස් ගණනක් වූ ගම්වැසියන්ගේ සෝ සුසුම් මැද්දේය.
මියගිය අයවලුන් සමඟ පවුලේ සමීපතම ඥාතීන් හා 18 දෙනකු ඉකුත් දින කතරගම පුදබිමට ගොස් බාරයක් ඔප්පු කර ආපසු එමින් සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට ලක්ව තිබේ.
අනතුරට මුහුණ දීමෙන් සිය ආදරණීය සැමියා හා එකම දියණිය අහිමිවූ ඒ.එච්.එම්. දිනූෂා නිලානි අතපත්තු (33) මහත්මිය තමා මුහුණ දුන් ඒ බිහිසුණු අත්දැකීම මෙසේ විස්තර කළාය.
''අපි 18 උදේ පාන්දර කතරගම ගියා. එහේ ගිහින් එදා රෑ පූජාවට තමයි සම්බන්ධ වුණේ. අපි පෝලිමේ හිටපු හින්දා මහත්තයා තමයි බබාව කෝවිල ඇතුළට අරගෙන ගියේ. ඒ දෙන්නා පූජාවත් කරගෙන ළමයගේ නළලේ මොට්ටුවකුත් තියලා කාර් එකට පඬුරකුත් ගැට ගැහුවා. අපි ඒ සේරම කරගෙන ආපහු කතරගමින් පිටත්වෙලා එන ගමන් මඟ කිහිපතැනකම නතර වුණා. නාරම්මල හරියට එනකොට වෙලාව දෙකයි ගාණක් වගේ ඇති. වාහනේ එළවද්දි මහත්තයාට නින්ද යයි කියලා මඟට ඇවිල්ලා ටිකක් නිදාගෙන ඉඳලත් තමයි අපි ආවේ. එන ගමන් අපි දෙන්නා කතා කර කර ආවේ මහත්තයට නින්ද ගිහින් හිටියේ නෑ.
මහත්තයා තමයි මටත් නින්ද යනකොට ළමයා බලන්න කියල සැරෙන් සැරේ මගේ පිටට තට්ටු කරලා මාව ඇහැරවලා තියා ගත්තේ. එයා ළමයා ගැන බලන්ඩ මාව උනන්දු කර කරමයි ආවේ. අපිට නින්ද යන්න කාලයක් ආවේ නෑ. අපි මොනවාහරි කෑමට අරගෙන කකා තමයි ආවේ. එයා වාහනේ හොඳට පරිස්සමට අරගෙන ආවේ. වාහනේ පරිස්සම් කරන්න ඕන කියලා නිතරම කිවුවා. මමයි මහත්තයයි බබයි වාහනේ ඉස්සරහ ඉඳගෙන ආවේ. අපි ළමයින්ට කන බොන දේවල් ගන්න නැවතුණා.
එක දිගටම ගමන ආවේ නෑ. මහත්තයා ටිකකට කලින් බුලත් විටක් කෑවා. සැරින් සැරේට වතුර බෝතලයක් තියාගෙන මූණත් හේදුවා. අපි හොඳට කතා කර කර ආවා නින්ද යයි කියලා සිංදුවකුත් දාගත්තා. එයාට නින්ද යන්න කොහොමත් විදිහක් තිබුණේ නෑ. මම සැරින් සැරේ එයාගේ මූණ දිහා බල බලල ආවෙ. මගේ බබා මගේ අතේම හිටියා. මල්ලි නංගී චූටි දුවයි පිටිපස්සේ හිටියේ. එකපාරටම බස් එකක් ඉස්සරහට එනවා දැක්කා. අපේ වාහනේ බස් එකයි මූණට මූණ වගේ හැප්පුණා වගේ තමයි මට මතක.
මම හිතුවේ නෑ බස් එකේ අපේ කාර් එක වදියි කියලා. ඒත් එක්කම මට ලොකු සද්දයක් ඇහුණා. ඒ ඇහිච්ච සද්දෙත් එක්ක මට සිහිය නැති වුණා. ටිකකින් කාර් එකේ ඇතුළෙදිම මට ආපහු සිහිය ආවා. එතකොට කට්ටිය පොලු අරගෙන කාර් එක කඩනවා. මං කෑ ගැහුවා මගේ අතේ ළමයෙක් ඉන්නවා බේරගන්න කියලා. එළියෙන් කඩනකොට ඇතුළට වීදුරු කටු වෙනවා. ඒකයි මම කෑගැහුවේ. මම කිවුවා අපි ඇතුලෙන් දොරවල් ලොක් කරගෙන ඉන්නේ අරිනකන් ඉන්න කියලා.
ඒත් එයාලා අපි බේරගන්න වාහනේ දොරවල් ඇදලා ගන්ඩ උත්සාහ කලා. විසි පහක් විතර වට වෙලා හිටිය මුළු කාර් එක වටේම. කාර් එකට ගොඩක් ඩැමේජ් වෙලා තිබුණේ නෑ. අපිව එළියට ගන්න ගොඩක් මහන්සි වෙලා කාර් එක කඩලා තමයි ගත්තේ. ඊට පස්සේ ලොරියක් ආවා. මගේ අතේ හිටපු බබාව එතන හිටපු කෙනෙකුට දීල මම එළියට ආවා. එහා පැත්තේ ෂීට් එකේ මහත්තයා අපි දිහා බලාගෙන හිටියා. එතන හිටපු අය මමයි බබාවයි ලොරියට නැග්ගුවා. ඊට පස්සේ මහත්තයා ගැන මට බලන්න බැරි වුණා.
මගේ ළමයා ලොරියේ දාගෙන එනකොට එයා කටින් හුස්ම ගත්තා මම හොඳටම දැක්කා. දරුවගේ ගවුමේ හැම තැනම ලේ තිබුණා. ඔළුවත් වීදුරු කටුවලට තුවාල වෙලා තිබ්බා. ඊට පස්සෙ අපිව ඉස්පිරිතාලෙකට ගෙනල්ල දැම්මා.''

මියගිය දැරියන් දෙදෙනාගේම මිත්තණිය වන ඒ.එච්.එම්. දිල්රුක්ෂි ගුණතිලක මහත්මිය මෙසේ කීවාය.
“මේ මියගොස් සිටින තුන් දෙනා මගේ බෑනයි එයාගේ දුවයි. මගේ ලොකු පුතාගේ දුවයි. මියගොස් සිටින කෝප්‍රල් සමන් කුමාර මගේ බෑනා. මගේ දුවගේ මහත්තයා. එයා යුද හමුදාවේ වැඩ කරන්නේ. මේ දවස්වල නිවාඩු ඇවිල්ලා හිටියේ එයාල කතරගමට වෙලා තිබුණ භාරයක් ඔප්පු කරන්න යන්න. මම නම් මුලින්ම මේ ගමන ඒ අය විතරක් යනවට වැඩිය කැමති වුණේ නෑ. ඒ නිසා මං කීව අගෝස්තු මාසයේ ගමේ අය වාහනයක් අරගෙන කතරගම යන්න ලෑස්ති වෙනවා ඒ නිසා අපිත් ඒ අය එක්කලා යමු කියලා.
නමුත් දුව කීවා අනේ අම්මා පරක්කු වෙන්න කලින් බාරේ ඔප්පු කරන්න ඕන කියලා. දුව මට එහෙම කියපු හින්දා මං ඒකට විරුද්ධ වුණේ නෑ යන්න දුන්නා. ආපහු එනකොට එයාල කතරගමින් පාන්දරින් පිටත් වුණා කියලත් කිව්වා. එහෙම එන ගමන් බේරුවල හරියෙනුත් මට කතා කරලා කිව්වා අම්මා අපි පරිස්සමෙන් එන්නම් කියලා. එයාල එහෙම කියල ගිහින් එන්න ගිය ගමන ගිහින් ආපු හැටි තමයි මේ. අනේ දෙවියනේ දරුවෝ දෙන්නයි බෑනයි යන්නම ගියා. මම අහළ පහළ ගෙවල්වල කුලී වැඩ කරල, ගෙවල්වල දරුවො බලාගන්න ගිහින් තමයි කීයක් හරි හොයාගෙන මගේ මේ දරුවෝ උස්මහත් කරල හදා ගත්තේ.
මගේ වැඩිමහල් පුතාලා දෙන්නගෙම ඇස් පේන්නෙ නෑ. මමයි මහත්තයයි නෑනයි මස්සිනයි නිසා පුතාල දෙන්නගෙම ඇස්පේන්නේ නැත්තෙ කියල දොස්තර මහත්වරු කියල තිබුණා. මගේ දුවටත් අවුරුදු දාහතරක් විතර යනකම් බබාල හිටියේ නෑ. ඒ නිසා තමයි දන්න කියන හැමතැනකටම ගිහින් බාරහාර වුණේ. අපි ඒ වෙනුවෙන් නොකළ දෙයක් නෑ. බෙහෙත්හේත් කළා. කතරගම ගිහිල්ල බාරහාර වුණා. කතරගමට බාර වුණාට පස්සේ දුවට බබාලා හරි ගියා. ඒ නිසා එයාල හරිම සතුටින් හිටියා. ඊට පස්සේ මගේ දුවටයි වැඩිමහල් පුතාගෙ දුවටයි දෙන්නටම එක ළඟ මාසවල බබාල දෙන්නක් ලැබුණේ. මේ නිවාඩුවට බෑනා ගෙදර ආවට පස්සේ දරුවො දෙන්නම අරගෙන කතරගම යන්න ඕන කියලා තමයි මේ ගමන ගියේ.''

මෙම ශෝචනීය අනතුර පිළිබඳ අප සමඟ මීළඟට අදහස් දැක්වූයේ ඒ.එච්.එම්. තිලංක දිනේෂ් අතපත්තුය. අනතුරින් මියගොස් සිටින දියණියන් දෙදෙනාම තිලංකගේ මල්ලීගේ හා වැඩිමහල් සොහොයුරියගේ දරුවන්ය. මේ සිදුවීම පිළිබඳ තිලංක කියන්නේ මෙවැනි කතාවකි.
“මගේ මස්සිනා වන සමන් කුමාර නිවාඩු ඇවිල්ලා දවස් පහ හයක් වෙනවා. පහුගිය 18 වෙනිදා කතරගම යන්න කට්ටියම පාන්දර පිටත් වුණා. මගේ මල්ලියි මල්ලිගේ බිරියයි එයාගේ දරුවයි, මස්සිනයි නංගියි එයාගේ දරුවයි තමයි මේ ගමන පිටත් වුණේ. පිරිස සේරම හය දෙනයි. කතරගමට වෙලා තිබුණ බබාලා දෙන්නගෙ බාරේ ඔප්පු කරන්න පරක්කු වෙනවා කියලා තමයි මෙයාල මේ ගමන ගියේ.''
අනතුරින් දිවි ගලවා ගත් ශානිකා නිශාන්තිගේ සිඟිති දියණියද මේ අනතුරින් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූවාය.
දිනමිණ ඇසුරින්
දිනමිණ ඇසුරින්
0 Comments