Hot Posts

ගුවන් අනතුරක්

 

මේ ගුවන් අනතුරු දෙකක් ගැන ඇහෙන කතාවක්...


බංග්ලාදේශ ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් අද පස්වරුවේ ඩකා නගරයේ උතුරු උත්තරා ප්‍රදේශයේ පාසල් භූමියකට කඩා වැටී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

බංග්ලාදේශ හමුදාවේ මහජන සම්බන්ධතා කාර්යාලය කෙටි නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කළේ, කඩා වැටුණු F-7 BGI වර්ගයේ ගුවන් යානය ගුවන් හමුදාවට අයත් එකක් බවයි.

මෙම අනතුරින් එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර, තවත් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බවයි එම විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.

මෙම සිදුවීම පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතින අතර, අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

මේ අතර මුම්බායි හි වැසි සහිත ධාවන පථයක ගොඩබෑමට උත්සාහ කළ එයාර් ඉන්දියා ගුවන් යානයක් සිදුවීමට ගිය බරපතල අනතුරකින් බේරී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි, ගුවන් යානය ධාවන පථයෙන් ඉවතට පැන ඇති අතර, එහි එක් එන්ජිමකට සහ පසුපස කොටසට හානි සිදුව තිබෙනවා.

කෙසේ වෙතත්, ගුවන් යානයේ සිටි සියලුම මගීන් ආරක්ෂිතව සිටින බවයි එම වාර්තාවේ සඳහන්.

ගුවන් තොටුපළ බලධාරීන් මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, ධාවන පථයට ද හානි සිදුව ඇති බැවින් ගුවන් ගමන් කටයුතුවලට ද යම් බාධා ඇති විය හැකි බව‍යි ඉන්දීය මාධ්‍ය වාර්තාවේ සඳහන්.

Post a Comment

0 Comments