
පෙමට පිටු පෑවැයි කෝපයට පත් වූ තරුණ පෙම්වතකු ඉකුත් නිදහස් දා සිය පැරැණි පෙම්වතිය යතුරුපැදියකින් හප්පා තුවාල සිදු කිරීමේ චෝදනා මත (6) අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.
සැකකරු කටුවැල්ලේගම තොටිල්ලගහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය කියයි. පැමිණිලිකාරිය සහ සැකකරු අතර කලක් ප්‍රේම සම්බන්ධතාවක් තිබී ඇති බවත් පැමිණිලිකාරිය ගේ පාර්ශ්වයෙන් එම ප්‍රේම සම්බන්ධතාවට විරෝධතා මතුවීම නිසා පැමිණිලිකාරිය සම්බන්ධය නවතා ඇති බවත් පොලිසිය පවසයි. මිනුවන්ගොඩ, අලුතැපොල ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකාරිය තම මව සමඟ නිවස අසල පිහිටි වෙළඳසලක් වෙත පා ගමනින් යමින් සිටියදී සැකකරු යතුරුපැදියක් ධාවනය කරමින් පැමිණ පෙම් සම්බන්ධතාව නවතාලීම සම්බන්ධයෙන් තර්ජනය කර මෙසේ යතුරුපැදියෙන් හප්පා ඇති බව පොලිසිය වැඩිදුරටත් කියයි. යතුරුපැදියේ ගැටී තුවාල ලත් පැමිණිලිකාරිය මිනුවන්ගොඩ මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පැවසේ. සැකකරු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
0 Comments