Hot Posts

අවදානය නොමැති කමින් උන අනතුර

 

හැම විටම අපි අපේ ආරක්ෂාව ගැන දෙවරක් සැලකිලිමත් වෙන්න ඕන..

මේ කියන්න යන්නේ නොසැලකිලිමත්කම නිසා අකායේ සැඟව ගිය තරුණ ජීවිතයක් ගැන ඇසෙන අනුවේදනීය කතාවක්..

මේ කතාව ඇසෙන්නේ මඩකලපුව ප්‍රදේශයෙන්..

මඩකලපුව මූලස්ථාන පොලිස් කොට්ඨාසයට අයත් කරුප්පන්කේරිහිදී ඊයේ (08 දා) උදෑසන දුම්රියක ගැටීමෙන් තරුණයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා..

ඊයේ අලුයම 1.30ට මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක ගැටීමෙන්, 23 හැවිරිදි එස්. නිශාන්තන් නම් තරුණයා ජීවිතක්ෂයට පත්වූ අතර ඔහු කරුප්පන්කේනි ඇරෝස් පාරේ පදිංචිකරුවෙක්..

ප්‍රදේශවාසීන් පැවසුවේ දුම්රිය හරස් මාර්ගයේ සිට දුරකථනයෙන් කතා කරමින් සිටියදී දුම්රියේ ගැටීමෙන් මෙම පුද්ගලයා මියගිය බවයි..

මෘත දේහය එරාවුර් දුම්රිය ස්ථානයට ගෙන ගොස් මඩකලපුව මූලස්ථාන පොලිසියට භාරදී ඇති බවටයි වැඩිදුරටත් අනාවරණ වෙන්නේ..

Post a Comment

0 Comments