විශේෂ මදුරු මර්දන සතියේ පස්වන දිනය වන ඊයේ දිනය වන විට පරික්ෂා කරන ලද පාසල් 298 ක් තුළින් මදුරු කීට බෝවන ස්ථාන සහිත පාසල් 35 ක් සොයා ගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි විශේෂඥ වෛද්‍ය ප්‍රශීලා සමරවීර කියා සිටියේ ගතවූ දින 5 තුළදී රජයේ ආයතනද 732 ක් පරික්ෂා කර ඇති අතර ඉන් මදුරු කීටයන් බෝවන ස්ථාන 221 ක් සොයා ගෙන ඇති බවයි.
එමෙන්ම මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් විසි නවදහසක් වාර්තා වී ඇති අතර ඉන් මිය ගොස් ඇති පුද්ගලයන් සංඛ්‍යාව 16 ක්.
0 Comments