Hot Posts

වයස 14 පාසල් සිසුවිය කරපු දේ

  

නවීන තාක්‍ෂණය ඔස්සේ අධ්‍යාපනය ලබාගැනීම සඳහා මව විසින් මිලදීගෙන දුන් ජංගම දුරකථනයෙන් පෙම්වතෙකු සොයාගෙන එම පෙම්වතා සමග පවුල් ජීවිතයක් ගත කළ අවුරුදු 14 යි මාස 4ක් වයසැති දැරිය කල්පිටිය, තලවිල ප්‍රදේශයේ පිහිටි පෙම්වතාගේ නිවසේ සිටියදී සොයාගත් බව කටුනායක පොලිසිය මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් සැකකාර තරුණයෙකු අධිකරණය හමුවට 24 වැනිදා ඉදිරිපත් කර තිබෙනවා.

බාලවයස්කාරියක් ලිංගික අපයෝජනය කිරීමේ චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකරු 28 වැනිදා දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් නිරෝෂිකා ලියනආරච්චි නියම කළා.

කල්පිටිය, තලවිල පල්ලිය ආසන්න ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු මෙසේ රිමාන්ඞ් භාරයට පත්කෙරුනා. සැකකරු කටුනායක පොලිස් වසමේ පදිංචි 9 වසරේ අධ්‍යාපනය ලබන සිසුවිය සමග ජංගම දුරකථනයෙන් හාදවී සැකකාර පෙම්වතා ඇවරිවත්ත ප්‍රදේශයේදී හමුවී ඇති බවත් සැකකරු දැරිය කල්පිටිය, තලවිල පිහිටි සැකකරුගේ නිවසට රැගෙන ගොස් එම නිවසේ රඳවාගෙන පවුල් ජීවිතයක් ගතකර ඇති බවත් අධිකරණයේදී සඳහන් වී තිබෙනවා. දැරිය වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බවටත් අධිකරණයේදී වැඩිදුරටත් සඳහන්.

Post a Comment

0 Comments