තංගල්ල වෙරළට ඔබ්බෙන් වූ බහුදින ධීවර යාත්‍රාවක් පෙරළීමෙන් ධීවරයින් දෙදෙනෙකු අතුරුදහන් වී ඇති බව නාවික හමුදාව පවසනවා.
එම අවස්ථාවේ ධීවරයින් 6 දෙනෙකු එහි ගමන්කර ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.
එම අනතුරින් ධීවරයින් 4 දෙනෙකු බේරාගෙන ඇති අතර. ඔවුන් ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඊයේ (28) පෙරවරුවේ තංගල්ල ධිවර වරායෙන් ධීවර රැකියාව සදහා පිටත්ව ගිය 'මැක්සිම් පුතා 01' නැමති බහුදින ධීවර යාත්‍රාව තංගල්ල ආසන්න මුහුදේදී මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.
අනතුරින් පසුව අතුරුදන් වූ ධීවරයින් දෙදෙනා හම්බන්තොට සහ තංගල්ල පදිංචි 39 හා 49 හැවිරිදි ධිවරයින් දෙදෙනෙකු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
0 Comments