Hot Posts

ගාමන්ට් එකේ උන අලකලන්චිය



"මගෙ ජීවිතේ අපායක් වගේ කාලයක් ඒ සති දෙක... "
 
"ඒ කොල්ලො එක පාරට සල්ලිකාරයෝ වෙලා තිබුණේ මහන්සි වෙලා නෙමෙයි. හාන්සි වෙලා..."
රහසිගත පටිගත කිරීමකි👇

මං ගාව තිබුණේ ඉතාම සරළ ප්‍රශ්නයක්. මං සාධරණ සහ දීර්ඝ උත්තරයක් බලාපොරොත්තුවෙන් ඒ ප්‍රශ්නෙන් මගේ ඉදිරියේ හිටපු කෙනාට දමලා ගැහැව්වා.
"ඇයි ඔයා ඒ තරම් හොඳ රස්සාවක් දාලා ආවේ...?"

"ඔයා රස්සාවෙ හොඳ නරක තීරණය කරන්නෙ ලැබෙන සල්ලි ප්‍රමාණයෙන්ද...?"

මම ඔව් කියලා නොකියා හිටියේ ඒ ප්‍රශ්නය අහපු උපහාසාත්මක රටාවෙම උත්තරය හැංගිලා තිබුණ හින්දා.

"මටත් එහෙම හිතුණු කාලයක් තිබුණා. ඒත් ඒක කරුමයක් වෙන තැනක් එනවා. සමහරුන්ට ගැලවෙන්න ඕන වුණත් ගැලවෙන්න බෑ. වැඩට ගියපු මුල්ම කාලෙ මමත් මාර ආතල් එකක හිටියේ, නිතරම එන්නේ ලංකාවෙ ලොකුම සල්ලිකාරයෝ. දේශපාලකයෝ, සුපිරිම නළු නිළියෝ...!"

ඒ අතිශය සාමාන්‍ය දෙබස් කණ්ඩය ඇහුවම ඔබට හිතෙයි මේ කතාව ගණිකාවකගේ, එහෙමත් නැත්නම් සම්බාහන මධ්‍යස්ථානයක, රාත්‍රී සමාජ ශාලාවක සේවය කරන තරුණියකගෙ කියලා. උපකල්පනය වැරදියි.

දිනුක කියන්නෙ ලංකාවෙ ඉහළම පෙළේ තරු පන්තියේ හෝටලයක විධායක ශ්‍රේණියේ රැකියාව කරපු අවුරුදු 26ක තරුණයෙක්.

"සල්ලි හම්බෙනකොට ඒවැන් ආස හැමදේම ගන්න පුළුවන් වෙනකොට ඕන කෙනෙක් ඒ ජීවිතේට ආස වෙනවා. ඒත් අවුල පටන් ගන්නෙ ඊටපස්සෙ."

"මොකද්ද අවුල...!"

දිනුක කතා කරන්න පටන් ගත්තා. මම අහගෙන හිටියා. ඒ කතාවේ අපි නිරන්තරයෙන්ම අහන කියවන ප්‍රසිද්ධ පුද්ගලයින් කිහිප දෙනෙකුගෙ නම් ඕනවටත් වඩා කියවුණා. ඒ නිසාම මට කන් දික් කරගෙන ඒ කතාව අහගෙන ඉන්න පුළුවන් කම තිබුණා.

"මම වැඩට ගිහින් මාස දෙක තුනක් යද්දිම අපේ බොස්ට එතන ඉන්න විශ්වාසවන්තම කෙනා වෙන්න මට පුළුවන් වුණා. කොටින්ම මොනවාහරි function එකක් organize කරන්න වුණත් එතන අවුරුදු ගාණක් පරන අය ඉද්දි බොස් responsibility එක බාර දුන්නෙ මට. හොටෙල් එක ඇතුළෙ විතරක් නෙමෙයි. ලංකාවෙ කොයි කොනේ වැඩක් වුණත් එයා යැව්වෙ මාව. ඒක මාර දෙයක්. වැඩ කරන්න ආස මිනිහෙකුට මාර මොරාල් එකක්..."

දිනුක ඉතාම කෙටි කාලයක් ඇතුළත තනතුරු කිහිපයකින්ම උසස්වීම් ලබාගෙන තිබුණා. පඩි වැඩි වුණා විතරක් නෙමෙයි. දිනුකට දීමනා බොහෝමයක් ලැබිලා තිබුණා. සමහර ඒවා ඒ හෝටලයේ සේඅය කරපු කිසිම සේවකයෙකුට නොලැබුණු තරම් වටිනා අවස්ථා. ඒත් ඔහුට කිසිම තරහකාරයෙක් ඉඳලා නෑ. හේතුව දිනුක දක්ෂයි. ඒ ගැන අවිවාදයක් නෑ. ඔහුට ඒ තැන හිමි විය යුතුයි කියන මතයේ හැමෝම හිටියා.

ඒ වගේම දිනුක කියන්නෙ ඕනම වෙලාවක ඕනම කෙනෙක්ට ඕනම උදව්වක් කරන්න සැදී පැහැදී හිටපු කොල්ලෙක්. ඒ නිසාම කවුරුත් දිනුකට හිතවත්ව හිටියා.

"ඔය අතරෙ අපේ හොටෙල් එකට අලුතින් පොඩි කොල්ලො සෙට් එකක් වැඩට ගත්තා. Room service වලට එහෙම. උන් ඉස්කෝලෙන් අවුට් වෙච්ච ගමන් ආපු පොඩි එවුන්. එතන කීප දෙනෙක් හිටියා, සෙට් එක ඇවිත් මාසයක් යන්න කලින් හෙන සල්ලිකාරයෝ වගේ හැසිරෙන්න ගත්තා. බොස් නිතරම උන්ව එළියට අරන් ගියා. එහෙ මෙහෙ events තියෙනවා කියලා..."

"ඉතින් මොකද්ද ඔයාට තිබුණු අවුල...? උනුත් ඔයා වගේ හොඳට වැඩ කරලා ඉහළට යන්න try කරන්න ඇති."

"ඒක කොහොම සිද්ද වුණත් මට අවුලක් නෑ. ඒ වෙද්දි මට තරඟයක් තිබුණෙ නෑ කා එක්කවත්. මගෙ තැන නැති වෙයි කියලා බයක් තිබුණෙත් නෑ."

මම දිනුකගෙ උත්තරවලට සාවධානව ඇහුම්කන් දුන්නා.

"මං දැනගත්තෙ පස්සෙ. ඒ කොල්ලො එක පාරට සල්ලිකාරයෝ වෙලා තිබුණේ මහන්සි වෙලා නෙමෙයි. හාන්සි වෙලා කියලා... සමහරු එක රැයෙන් පහුවදාට අයි ෆෝන් බස්සනවා. TW බයික් ගේනවා."

"ඒ කියන්නෙ.?"

"හැමදේකටම දිග පාරක් වගේම කෙටි පාරකුත් තියෙනවා."

ඒත් තව කෙනෙක් යන පාරෙ දිග පළල තමන්ගෙ ගමනට අදාල කරගන්න තරම් දිනුක කුහක වුණාද කියන ප්‍රශ්නය අහන්න බැරුව මම නිහඬව හිටියා.

"මම කරේ කිසි දෙයක් ඇහෙන්නෙ පේන්නෙ නෑ වගේ හිටපු එක... කොහොමහරි ඔය අතරෙ බොස් මට ඉතාලියට යන්න ටුවර් එකක් ඇරේන්ජ් කලා. අපි දෙන්නා විතරක්. හොටෙල් එකේ වැඩකට කියලයි කිව්වේ."

දිනුක තරු පන්තියේ හෝටල් හිමිකරුවෙක් එක්ක තමන්ගෙ පළවෙනි පිටරට සංචාරයට සූදානම් වෙලා තිබුණේ එහෙම.

"අපි ගිහින් නැවතුණේ එකම රූම් එකේ. එහෙට ගියාට පස්සෙ තමයි මම දන්නෙ කිසිම official වැඩක් එහේ නෑ කියලා. බොස් මාව එක්කරගෙන ගිහින් තිබුණේ නිවාඩුවක් ගත කරන්න."

මම දීප්තිමත් ඇස් දෙකකින් බලාගෙන හිටියා. ඒක වටින අවස්ථාවක් නෙමෙයිද ? තමන්ට කවදාවත් යන්න බැරි තැනකට කිසිම වියදමක් නැතුව විනෝද වෙන්න යන්න ලැබෙන එක...!

"පළවෙනි දවසෙ රෑ තමයි මම මිනිහගෙ හිතේ තියෙන දේවල් හරියටම දැනගත්තෙ. මිනිහා කසාද බැඳලා හිටියට ජීවත් වෙන්නෙ වෙනම. එයා කියනවා එයා මට ආදරේ කරනවා කියලා. මාව සල්ලිවලට නම්මගන්න බැරි බව දන්නවා කියලා කිව්වා. ඒ නිසයි එච්චර කාලයක් ළඟින් තියාගෙන හිටියේ කියලා කිව්වා. එයා එච්චර කල් බලන් හිටපු එකට, මට සලකපු එකට සාධාරණයක් කරන්න කිව්වා."

දිනුක ඒ යෝජනාවට විරෝධය පාපු විදිහ මට අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන වුණේ නෑ. කොහොමත් දිනුක කියන්නෙ සාමකාමි තැන්පත් සාම්ප්‍රදායික කොල්ලෙක්. ඒත් ඔහුගේ හෝටල් හිමියා එහෙම කෙනෙක් නෙමෙයි. ධනය බලය, පිරිස හැමදේම තිබුණු කෙනෙක්.

"මම අකමැති වෙද්දි මිනිහා මට තර්ජනය කරන්න පටන් ගත්තා. කොච්චර power එකක් තියෙනවාද කිව්වොත් මිනිහට ඕන වෙලාවක මාව නැති කරලා දාන්න පුළුවන්. ඒක එයාට හරිම සුළු දෙයක්."

රටේ ඉහළම ප්‍රභූ ධනකුවේරයෙකුට දිනුකගෙ ජීවිතය තවත් එකක් වුණාට දිනුකට තමන්ගෙ ජීවිතය ඒ තරම් පහසුවෙන් අනතුරේ හෙලන්න බැරි බව ඇත්තක්.

දිනුක සති දෙකක් තිස්සෙ නාදුනන රටක නාදුනන මිනිස්සු, නොතේරෙන භාෂාවක්.. මැද්දෙ අතිශය අසරණ වෙලා තිබුණා. තමන්ගෙ රටට ආරක්ෂිතව ආපහු එන්න නම් දිනුකට සිද්ද වෙනවා තමන්ගෙ හාම්පුතාට එකඟ වෙන්න. යටත් වෙන්න. සේවය කරන්න...!

"මගෙ ජීවිතේ අපායක් වගේ කාලයක් ඒ සති දෙක... හැමදාම දවසට හත් අට වතාවක් මට ඒ මිනිහාගෙ අසික්කිත ආසාවල් ඉෂ්ට කරන්න වුණා. මගේ රටේදි වුණා නම් කොහෙට හරි පැනලා යන්න තිබුණා. ඒත් නොදන්න රටක...!"

ඔව් ඇත්තටම දිනුකට වෙන විකල්පයක් ඇතියි කියලා මටත් හිතන්න අමාරු වුණා.

"මමත් අර පොඩි කොල්ලන්ගෙ විදිහට හැදිලා හිටියා නම් ඒ හොටෙල් එකම් මට ලියවගන්න තිබුණා. ඒ තරම් මිනිහා පිස්සෙක්."

දිනුක සති දෙකක් තිස්සේ ඔහු එක්ක ඉතාම අසීරු කාල සීමාවක් ගෙවලා ලංකාවට ආපු හැටියේ තමන්ගෙ සේවා ස්ථානයෙන් පලා ගිහින් තිබුණා. කොටින්ම ඔහු මාස ගණනාවක් යනකල් තමන්ගෙ ගමටවත් ඇවිත් තිබුණේ නෑ. ජීවත් වෙලා තිබුණේ හැංගිලා. කිසිම අනන්‍යතාවයක් නැති මිනිහෙක් විදිහට.

"බොස්ගෙ හෙංචයියෝ ගෙදරටත් ඇවිත් ගිහින් තිබුණා. උන් කෙලින්ම කියලා තිබුණා. වෙන එකෙක් නම් සේසතම හූරගෙනයි යන්නෙ. ඒත් මූ සතයක් නැතුව එළියට බැහැලා තිබුණේ. ඒකයි බොස් ඉවසන්නෙ කියලා. උන් අපේ අම්මලා අතට මාස හයක සැලරිය කෑෂ්වලින් දීලා ගිහින් තිබුණා. පුතාට කට පරිස්සම් කරගෙන ඉන්න කියන්න කියලා තර්ජනය කරලත් තිබුණා..."

සමහර සුවපහසුව සුඛෝපබෝගීයි කියලා හිතෙන ඉහළ පෙළේ රැකියාවල නිතර වෙන තරුණියන් විතරක් නෙමෙයි, තරුණයොත් තමන්ගෙ ජීවිතේ ගැන කොයි තරම් ලොකු අවදානමකින් පෙළෙනවද, තැලෙනවද කියලා මම දැනගත්තේ දිනුකගෙ කතාව ඇහුවට පස්සේ.

Post a Comment

0 Comments