මල්වානේ වඩුවේගම, පොල්හේන පාර ප්‍රදේශයේ නේවාසිකාගාරයක කාමරයක නවාතැන් ගෙන සිටි දාහතර හැවිරිදි දැරියකට බරපතළ ලෙස අතවරයක් සිදුකළ බව කියන එහි වෙනත් කාමරයක නවාතැන් ගෙන සිටි විසිඅට හැවිරිදි එක්දරු තරුණ පියකු බියගම පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
එම වීඩියො පටය👇
මේ අනුව එම පෙම්වතා හා මාමාද අත්අඩංගුවට ගැනීමට දැන් කටයුතු කරගෙන යති. දැරිය සිය පෙම්වතා සමග මවුපියන්ට හොර රහසේ වඩුවේගම, පොල්හේන පාර ප්‍රදේශයේ නේවාසිකාගාරයකට ඉකුත් මාසයේ 05 වැනිදා පැමිණ නවාතැන් ගෙන සිටි අතර පසුව ඇය සමග පෙම්වතා අමනාප වී යෑමෙන් පසුව ඇය එහි වෙනත් කාමරයක නවාතැන් ගෙන සිටි සැකකාර එක්දරු පියා සමග ද පෙම් සබඳතාවක් පවත්වා ගෙන ගොස් තිබෙන බව කියැවේ. මෙම එක්දරු පියා වෘත්තියෙන් පෙදරේරුවෙකි. දැරිය සිය පෙම්වතා සමග හොර රහසේ පැමිණීමෙන් පසුව ඇයගේ මවුපියන් විසින් දැරිය අතුරුදන් වී සිටින බවට බණ්ඩාරවෙල පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබේ. දැරිය විසින් තමාට සැකකාර එක්දරු පියා පහරදී තිබෙන බවට පොලිසියට කළ පැමිණිල්ලක් විමර්ශනය කිරීමේදී ඇය මේ
ලිංගික අතවරවලට ලක් වී තිබෙන බවට හෙළිවී ඇත. දැරිය මේ වනවිට වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීම සඳහා රාගම මහ රෝහලට ඇතුළත් කර තිබෙන අතර සැකකාර එක්දරු පියා මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.
0 Comments