පෙම්වතියගේ නිවසට ගොස් කතා බහ කරමින් සිටින අවස්ථාවේ දී තරුණයකුට දොර පොල්ලකින් පහර දී ඇතැයි කියන අපූරු වයෝවෘද්ධ කාන්තාවක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙනවා.
CCTV විඩියෝව 🔴
මෙම වයෝවෘද්ධ යුවළගේ වැඩිමහල් දියණිය අම්පාර ප්‍රදේශයේ පදිංචිව සිටින්නීය. එම දියණියගේ වැඩිමහල් 21 හැවිරිදි දියණිය (මිනිපිරිය) වසරක පමණ කාලයක සිට තනි නොතනියට වයෝවෘද්ධ යුවළ සමග නිවසේ ජීවත් වෙමින් සිටියි.
" මෙහේ අපිත් එක්ක හිටියාට කමක් නෑ තියෙන දෙයක් කලා බිලා ගමේ නොසන්ඩාල කොල්ලෝ ඉන්නවා උන් එක්ක එල්ලෙන්න එහෙම එපා අපට හොයන්න යන්න එන්න බෑ" වයෝවෘද්ධ යුවළ තරුණිය නිවසට ආ මුල් දිනයේ පවසා ඇත. " නෑ මම කාත් එක්කවත් එල්ලෙන්න යන්නේ නෑ එල්ලෙන්න මම වැළක් නෙමේ මේ ආච්චිටයි සීයටයි පිස්සු ද මන්දා " තරුණිය කේන්තියෙන් පැවැසුවාය.
තරුණිය ද දුරකතනය ඉල්ලා ඇති සැණින් තරුණයාට දී ඇත. කලක් ගත වෙද්දී දෙදෙනා අතර නොදැනීම ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනැගී තිබේ. තරුණිය වයෝවෘද්ධ සීයටයි ආචිටයි හොර රහසේ සම්බන්ධතාවය පවත්වා ගෙන ගොස් ඇත.
" දුවේ උඹට ඉස්සරට වඩා දුරකතනයට කෝල් එනවා වැඩියි කාගෙන් ද ඒ" දිනක් වයෝවෘද්ධ කාන්තාව තරුණියගෙන් විමසුවාය. "ආච්චී මගේ පංතියේ හිටපු යාළුවෝ මට කතා කරනවා කෙහෙද ඉන්නේ මොකද කරන්නේ කියලා අහනවා මම කෑගල්ලේ ආච්චිගේ සියාගේ ගෙදර ඉන්නවා කියලා කිව්වා" තරුණිය කිසිම දෙයක් නොදන්නා සේ පිළිතුරු දුන්නාය.
පසු ගිය දිනක තරුණිය දුන් දුරකතන ඇමතුමකට තරුණයා ඇගේ නිවසට රාත්‍රි පැමිණියේය.
තරුණියගේ නිවසට රාත්‍රි කාලයේ පැමිණ ඇති තරුණයා හොර රහසේ තරුණියගේ කාමරයේ කතා බහ කරමින් සිටින අවස්ථාවේ දී මිත්තණියට ඒ ගැන යමක් දැනී දොර පොල්ලක් රැගෙන තරුණියගේ කාමරයට පැමිණ තරුණයාට පහර දෙන්නට සුදානම් වූ අවස්ථාවේ දී තරුණිය මැදට පැන ඇත.
පසුව මිත්තණිය විසින් එල්ල කරන ලද දොර පොලු පහරක් තරුණයාගේ කොන්දේ වැදී ඇත. තවත් පහරක් තරුණියගේ ද වැදී තිබේ.
පසුව තරුණියගේ වයෝවෘද්ධ සීයාට ද ගැටුම ඇසී එතන පැමිණ තරුණයා හීන් සැරේ නිවසින් පිටව ගොස් ඇති බව වාර්තා වෙයි.
0 Comments