Hot Posts

සල්ලි වලට රැවටී උන දෙයක්

 



දැන් උඹ අපි කියන විදිහට වැඩ කරපන්..

උඹ කෑ ගහන්න එපා...”

“කෑ ගැහුවොත් මේ සේරම එළියට යයි...”
සඳමිණී-ගේ ජීවිතයේ ඉදිරියට වෙන දේ පහත වීඩියෝවෙන්.......


සමාජයක් සුන්දර වෙන්න නම්, විවිධාකාර මිනිස්සුත් එක්ක මේ සමාජය ඇතුළේ අපිට ගනුදෙනු කරන්නට සිදු වෙනවා. හැබැයි ඒ මුණගැහෙන හැම කෙනෙකුගෙම ගතිගුණ එක වගේ නොවෙයි, ඒත් අපිට ඔවුන්ව ප්‍රතික්ෂේප කරන්න විදිහක් නෑ.

ඒ නිසා, හැඟීම් ගනුදෙනුවට පෙර තව පාරක් හිතන්න...

සෑම බදාදා දිනකම රාත්‍රී 10.30 ට හිරු ටීවී තුළින් හැඟුම් ගණුදෙනුවට පෙර රූම් අතර කාමරේ "Room No 33" ලිංගික සෞඛ්‍ය යහපත් කරවීමට සමාජයේ ගැහැණුන් සහ පිරිමින් උදෙසා ලිංගාශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් කරන හරවත් ටෙලිවිෂන් සායනයේ 162 වන කථාංගය මෙසේ දිගහැරෙන වගයි.....

මේ කතාව සඳමිණී ගැනයි...

සඳමිණි කියන්නේ අනුරාධපුරය කියන දුෂ්කර ගම් පෙදෙසේ ඉපදුන කෙල්ලෙක්. සඳමිණීට හිටියේ අම්මයි තාත්තායි විතරයි. ඒත් හදිසියේම තාත්තා අලියෙකුගේ ප්‍රහාරයකට ලක් වෙලා නොඑන ගමන් යන්නේ පවුලේ බර සම්පූර්ණයෙන්ම සඳමිණීගේ අම්මාගේ කර මත තියලා...

අම්මාට තනියම දුක දරන්න දෙන්න බැරි තැන සඳමිණී තීරණය කරනවා කොළඹට එන්න. ඒ ගාමන්ට් එකේ රස්සාවක් කරන අරමුණින්.. ඒ ඇවිත් කාලයක් ගාමන්ට් රස්සාව කළා වුණාත්, අතරමඟ මුණ ගැහුණු "සරෝජනී" කියන නන්නාඳුනන ගැහැනිය "සඳමිණී"ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත පෙරළනවා.


"රට ගියොත් හොඳට හම්බ කරන්න පුළුවන්" කියලා සඳමිණීට අලුත්ම "අයිඩියා" එකක් දෙන අතරේ, "සමීර" කියන හාදයෙක්වත් සරෝජනී සඳමිණිට අඳුන්වලා දෙනවා.

"කපල් එකකට විතරයි රට යන්න පුළුවන්" කියලා සඳමිණීව ගොනාට අන්දන මේ දෙන්නා අවසානයේ සඳමිණිව මිනිස්සුන්ට පූජා කරන්න ගන්නවා. එතනින් එහාට ඈව බිය ගන්වමින් මේ දේ දිනපතා කරන්න ඒ අය කටයුතු කරනවා.

ඒ විදිහට තමයි සඳමිණීගේ ජීවිතේ අඳුරින් අඳුරට යන්න පටන් ගන්නේ..

අතරමඟදි හමුවී අතරමඟදි වෙන්වී යන මිනිසුන් අතරේ මේ තවත් එක් හමුවීමක් පමණී.

මේ හමුවීම සහ සමුගැනීම අතර ඇයට සිදුවූ ඒ ඛේදනීය ඉරණම හෙට දවසේ ඔබට සිදුනොවීමට මේ හෝරාව දෙස දෑස් හැර බලන්න.


Post a Comment

0 Comments