Hot Posts

ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාර වලින් තවත් ශ්‍රී ලාංකිකයෙකුට තුවාල

 


ඊශ්‍රායලයේ බෙනිබරක් ප්‍රදේශයට ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික තරුණයෙකුට තුවාල සිදුව ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාතිපති නිමල් බණ්ඩාර පවසනවා. 

 
මුහුණු පොතේ සටහනක් තබමින් ඔහු කියා සිටියේ එම තරුණයා අවශ්‍ය ප්‍රතිකාර සඳහා මේ වනවිට යොමු කර ඇති බවයි. 
 
තරුණයාගේ පාදයකට තුවාල සිදුව තිබෙනවා. 
 
එමෙන්ම, ඊශ්‍රායලයේ බැට් යෑම් ප්‍රදේශයට පසුගිය දා ඉරානය එල්ල කළ ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික කාන්තාවක්ද සුලු තුවාල ලබා තිබුණා.

Post a Comment

0 Comments