Video දර්ශන
ඉරිදා රාත්‍රියේ එල්ල වූ ප්‍රහාරය, හිටපු සිරියානු ජනාධිපති බෂාර් අල්-අසාද් දෙසැම්බර් මාසයේදී බලයෙන් පහකර ඉස්ලාමීය නායකත්වයෙන් යුත් රජයක් විසින් ප්‍රතිස්ථාපනය කිරීමෙන් පසු සිරියාවේ සිදු වූ පළමු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය මෙය බවයි වාර්තා වෙන්නේ,.
මෙම මාරාන්තික ප්‍රහාරයෙන් 63 දෙනෙකු තුවාල ලබා ඇති බවයි සිරියානු රාජ්‍ය මාධ්‍ය පවසන්නේ.
IS සංවිධානයට සම්බන්ධ පුද්ගලයෙකු යාඥා අතරතුර දමස්කස් හි පැරණි ක්‍රිස්තියානි කාර්තුවේ ග්‍රීක ඕතඩොක්ස් ශාන්ත එලියාස් පල්ලියට ඇතුළු වී වෙඩි තබා පසුව පල්ලිය තුළ සිටියදී පුපුරණ ද්‍රව්‍ය කබායක් පුපුරුවා හැර ඇති බවයි සිරියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසන්නේ.
නමුත් පල්ලිය තුළ සිටි ඇසින් දුටු සාක්ෂිකරුවන් වාර්තා කළේ දෙවන තුවක්කුකරුවෙකු තමාවම පුපුරුවා නොගත් බවත්, පැමිණ සිටි 150 ක් පමණ
බැතිමතුන්ට වෙඩි තැබූ බවයි. එම අවස්ථාවේ පල්ලියේ යාච්ඤා කරමින් සිටි සංඛ්‍යාව 350ක්.
0 Comments