මගීන්ට අනතුරක් සිදුවිය හැකි ආකාරයෙන් පෞද්ගලික බස්රථ, ත්‍රිරෝද රථ සහ අනෙකුත් මෝටර් රථවල සවිකර ඇති අමතර කොටස් ජූලි පළමු වැනිදා සිට ඉවත් කිරීමට කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පවසනවා.
රිය අනතුරු සහ මාර්ග ආරක්ෂාව පිළිබඳව කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළේ මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට මේ දක්වා රිය අනතුරුවලින් පුද්ගලයින් 1,199 දෙනෙකු ජීවිතක්ෂයට ඇති බවයි.
දෛනිකව මෙරට මාර්ග පද්ධතිය තුළ රථවාහන ලක්ෂ 60කට අධික සංඛ්‍යාවක් ධාවනය කෙරෙන බව පොලිසිය පවසනවා.
ඒ අතරින් කොළඹ නගරයට පමණක් දෛනිකව ඇතුළු වන රථවාහන සංඛ්‍යාව ලක්ෂ 5කට අධිකයි.
මෙරට සිදුවන රිය අනතුරුවලින් වැඩි ප්‍රමාණයක් යතුරුපැදි සහ ත්‍රිරෝද රථ මගින් සිදුවන බවට සමීක්ෂණයකින් තොරතුරු වාර්තා වී තිබෙනවා.
2024 වර්ෂය තුළ මෙරට සිදු වූ මාරක රිය අනතුරු 2401කින් පුද්ගලයින් 2521ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.
මේ වර්ෂයේ ජනවාරි පළමු වැනිදා සිට පසුගිය ජූනි 15 වැනිදා දක්වා වූ කාල සීමාව තුළ පමණක් මාරක රිය අනතුරු 1133ක් සිදුව ඇති අතර ඉන් ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 1,199ක්.
මෙවැනි පසුබිමක බස්රථ, ත්‍රිරෝද රථ ඇතුළු රථවාහනවල මගී ආරක්ෂාවට බලපෑම් එල්ලවන අයුරින් සවිකර ඇති අමතර උපාංග ජූලි මස පළමු වැනිදා සිට ඉවත් කිරීමට කටයුතු කරන බව පොලිසිය පවසනවා.
0 Comments