Hot Posts

"මම ගැන හොයලා කලබල වෙන්න එපා.." සුවය ලබා නිවසට ආ සැමියාට තරු විසිවෙයි.. දියණිය සමඟ බිරිඳ අතුරුදන් වූ තැන ගැන සොයන සැමියෙකු ගැන ඇසෙන කතාව මෙන්න..



මොන දේ කොහොම සිද්ධ වුණත් අවසානයේ අනියම් පෙම ළඟ ඇය නතර වෙලා.. සැමියාට මේ දුක දරාගන්න පුළුවන් වේවිද..? 


ඒත් එක්කම ඇගේ ජීවිතයම වුණු දියණියත් දැන් සිටින්නේ බිරිඳ ළඟයි.. ඔවුන්ගේ පවුල් ජීවිත අවසානයේ කොහෙන් නතරවේවිද..?

බිරිඳ සමග අමනාපයෙන් සැමියා වස පානය කර රෝහල් ගතව සිට එන විට බිරිඳ නිවසේවූ මුදල් ඇතුළු වටිනා දෑ සියල්ලම රැගෙන අනියම් පෙම්වතා සමග පලා යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් තෙබුවන පොලිසිය පරීක්ෂණ පවත්වනවා.. මෙම කාන්තාව දියණිය ද රැගෙන ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ..

පහළ නෑබඩ පදිංචි 23 හැවිරිදි අයකු විසින් පොලිසියට කරන ලද පැමිණිල්ල අනුව මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා..

තමා දියණිය සහ බිරිඳ සමග නිවසේ පදිංචිව සිටින බවත්, ඉකුත් 27 වැනිදා දහවල් 11.00 ට පමණ තමා නෑබඩ නගරයට ගොස් එන විට බිරිඳ වෙනත් අයකු සමග දුරකථනයෙන් කතා කරමින් සිටි බවත් ,ඒ පිළිබඳව සැක සිතී සිත් තැවුලෙන් තමා වස පානය කළ බවත් ඔහු පොලිසියට කර තිබූ පැම්ණිල්ලේ සඳහන්..

කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තමා දින හතරකට පසු 01 වැනිදා ඉන් පිටව දහවල් 11.00 ට පමණ නිවසට එන විට බිරිඳ හා දියණය නොසිටි බවත් තම මුදල්, රන් ආභරණ සහ නිවසේ බඩු බාහිරාදිය ද "බට්ටා" වර්ගයේ ලොරියක පටවාගෙන අසල්වැසියකු සමග පිටව ගොස් ඇති බවත් ඔහු කර තිබූ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්..

තමා බිරිඳගේ දුරකථනයට ඇමතුමක් ගත්ත ද ඇය පිළිතුරු නුදුන් බවත් තමා ගැන සොයා කලබල නොවන ලෙසට ඇය කෙටි පණිවුඩයක් එවා ඇති බවත් ඔහු පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා..

තම ව්‍යාපාර කටයුතු සඳහා නිවසේ තිබූ රුපියල් දෙලක්‍ෂ අනූදහසක මුදලක්, රුපියල් අනූහත් දහසක් වටිනා ශීතකරණයක්, රුපියල් තුන්ලක්‍ෂ හැත්තෑපන්දහසක් වටිනා රන් මාලයක්, රුපියල් හයලක්‍ෂ විසිපන්දහසක් වටිනා අත් පළඳනාවක්, අල්මාරිය, කණ්ණාඩි මේසය සමග තම ජාතික හැඳුනුම් පත හා විවාහ සහතිකය ද ඇය ගෙන ගොස් ඇති බව ඔහු පොලිසියට ප්‍රකාශ කර ඇති අතර, තෙබුවන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එස්. දර්ශන සහ උප පොලිස් පරීක්ෂක මෙරිනෝ යන මහත්වරු මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනවා...

Post a Comment

0 Comments