Hot Posts

14 හැවිරිදි බාල වයස්කාර පෙම්වතිය පාළු නිවසකට අරගෙන ගිහින් 20 හැවිරිදි තරුණයා කරපු අපරාධය හෙළිවෙයි - තරුණයන් 3ක් පොලීසිය‌ කොටුවූ හැටි මෙන්න



පාසල් යාමට පැමිණෙමින් සිටි දැරිය තුරුපැදියක නංවාගෙන ගිහින්.....
දැරිය විසින් පොලිසියට සිදු කළ ප්‍රකාශය...
 
ගන්දර පොලිස් වසමෙහි පදිංචි 14 හැවිරිදි බාල වයස්කාර දැරියක රවටාගෙන රැගෙන ගොස් පාළු නිවසක් තුළදී ලිංගික අපයෝජනයට ලක් කර ඇති බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් තරුණයන් තිදෙනෙකු අත්ඩංගුවට ගත් බව ගන්දර පොලිසිය පැවසීය.
 
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බාලවයස්කාර දැරිය ලිංගික අපහරණයකට ලක් කළ බව කියන 20 හැවිරිදි තරුණයාද ඔහුට ඒ සඳහා අනුබල සහ ආධාර උපකාර කළ තවත් තරුණයකු සහ ඔහුගේ සොහොයුරාද අත්අඩංගුවට ගෙන පෙරේදා (20) වන දින අධිකරණයට ඉදිරිපත් කළ බව පොලිසිය පැවසීය.

අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරුවන් තිදෙනා ලබන 23 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අතිරේක මහෙස්ත්‍රාත් සමන් පතිරණ ලියනගේ මහතා විසින් නියෝග කර ඇත.
 


14 හැවිරිදි බාලවයස්කාර දැරිය සමග 20 හැවිරිදි තරුණයා ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවටද තොරතුරැ අනාවරණය වු බව පොලිසිය පැවසීය.
 
20 හැවිරිදි සැකකරු යතුරුපැදියකින් පැමිණ දැරිය පාසල් යාමට පැමිණෙමින් සිටිය දී ඇය යතුරුපැදියක නංවාගෙන සිය මිතුරාගේ නිවසට පැමිණ ඒ අසල තිබු පාළු නිවසකට රැගෙන ගොස් ලිංගික අපහරණයන් අවස්ථා කිහිපයකදීම සිදු කළ බව දැරිය විසින් පොලිසියට සිදු කළ ප්‍රකාශයකින් සඳහන්ව ඇත.
 
14 හැවිරිදි බාල වයස්කාර දැරිය වෛද්‍ය පරීක්ෂණයන් සඳහා මාතර මහ රෝහල වෙත යොමු කර ඇති බව ගන්දර පොලිසිය පැවසීය. 
 
අත්ඩංගුවට පත් තරුණයන්ද ගන්දර පොලිස් වසමෙහි පදිංචිකරුවෝ වෙති. මොවුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බවට වැඩිදුර සිදුකළ විමර්ශනයන් මගින් අනාරවරණය වූ බව පොලිසිය පවසයි.
 
කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතාගේ උපදෙස් මත ගන්දර පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. ආර්.එම් කපිල බණ්ඩාර මහතාගේ අධීක්ෂණයෙන් සහ මෙහෙයවීමෙන් කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප දිල්හානි, පො.සැ (46183) ඒකනායක යන නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
 
මාතර අමල් තුෂාර - දිවයින

Post a Comment

0 Comments