බියගම, කොට්ටුන්න, සාම මාවත ප්‍රදේශයේ නේවාසිකාගාරයක නවාතැන් ගෙන සිටින කාමරයට යාබද කාමරයක තිබූ හකුරු වගයක් සිය දියණිය විසින් සොරකම් කර තිබේ. ඒ සම්බන්ධව උරණ වී සිය 12 හැවිරිදි දියණිය රත් කළ ඇලුමිනියම් හැන්දකින් පිළිස්සූ බව කියන 45 හැවිරිදි මවක් බියගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
එහි පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ. ඩී. එස්. බාලසූරිය මහතාට ලද තොරතුරක් මත විමර්ශන කොට සැකකාර මව මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. මේ සිද්ධියේදී පිළිස්සුම් තුවාල ලැබූ දියණිය රාගම මහ රෝහලට ඇතුළත් කර තිබේ.

මේ දියණියගේ පියා මියයෑමෙන් පසුව හැටන් ප්‍රදේශයේ පදිංචිව සිටි මේ දමිළ මව සිය දියනිය හා 05 හැවිරිදි පුතු සමග මෙම නේවාසිකාගාරයේ නවාතැන් ගෙන තිබේ. මව බියගම නිදහස් වෙළෙඳ කලාපයේ රැකියාවක නිරතව සිටී.
ඉකුත් 05 වැනිදා මව රැකියාවට ගොස් සිටි අවස්ථාවේ දියණිය විසින් ඊට යාබද කාමරයේ තිබූ හකුරු වගයක් සොරකම් කළ බවට ඇයට දැන ගැනීමට ලැබීමෙන් පසුව ඇය විසින් ඇලුමිනියම් හැන්දක් ඇවිලෙන ළිපට දමා රත් කර ඇයගේ වම් අත, වම් කලව, දකුණු කලව, වම් දනිස්ස හා පිටුපස පුළුස්සා තිබෙන බවට හෙළිවී තිබේ.
බියගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ. ඩී. එස්. බාලසුරිය, ප්‍රජා පොලිස් ඵ්කකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ඩී. වීරසිංහ, පො. කො. රවිශාන් (97030 ) හා කාන්තා පො. කො. තක්ෂිලා (12035) යන නිලධාරීහු මේ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පවත්වති.
දෙල්ගොඩ – ඩබ්ලිව්. ඩී. විතාන හා බියගම – සුදත් පුබුදු කීර්ති
දිවයින

0 Comments