Hot Posts

සැමියා නැති අතරේ කොටු පැනලා

   

කාත් කවුරුත් නැති පාළු ගෙදරක ඔහු මේ මොනවා කරනවාද..? සැමියා නැතුව තනිපංගලමේ කාන්තාවක් සිටින ගෙදරකට මෙහෙම ඔහු එන්නේ ඇයි.. ?

මේ ගැන දන්නා, ඔහු එන බව දුටු ගමේ බොහෝ දෙනෙක් ඒ ගැන කතා වුණා.. ඒ අතරේ දවසක් රාත්‍රියේදී කිසිවෙක් නොසිතන දෙයක් වෙලා.. මේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්..

සැමියා ජිවත් වුණේ විදෙස් රටකයි.. ඒ පාළුව කාන්සිය ඇය මග හරවා ගත්තේ අනියම් ඇසුරකින්... ඔහු ඇය හමුවීමට රෑට රෑට එන්නේ යතුරු පැදියෙන්.. ඒ සැමටම හොරායි.. එහෙත් ගමේ කොල්ලන්ගේ කණට මෙය ගියා..

තහනම් ගහේ ගෙඩි කන මේ ජෝඩුවට අමතක නොවන පාඩමක් ඉගැන්වීමට ගමේ කොල්ලෝ අර ඇන්දා... 

එදා රෑත් සැමටම හොර රහසේ ඔහු මේ නිවසට රෑ රිංගුවා.. ඒ වෙනදාමෙන් යතුරු පැදියෙන් පැමිණීමෙන් අනතුරුවයි... කාරිය නිමවුණා.. ඔහු කිසිදෙයක් සිදු නොවූ පරිද්දෙන් සිය යතුරු පැදියෙන් මහ රෑ නිවස බලා පිටත්වීමට සූදානම් වුණා..

ඒ සඳහා යතුරු පැදියට යතුර දමා පණ ගැන්වීමට කියා කළා... ඒ සඳහා කිහිප අවස්ථාවක්ම උත්සාහ කළා.. බැරිම තැන යතුරු පැදිය ක්‍රියාත්මකවීම සඳහා සවිකර තිබූ බැටරිය නැහැ.. එය කවුරුන් හෝ ගලවා ගෙන ගොස් ඇතැයි තේරුම් ගැනීමට ඔහුට වැඩි වේලාවක් ගත වුණේ නැහැ..

මේ නිවසේ යතුරු පැදිය දමා ගියහොත් තමා මේ නිවසට රෑට රෑට පැමිණෙනවා යයි අසුවේ යයි ඔහුට බිය සිතුණා.. කරන්න තියෙන එකමදේ සිය යතුරු පැදිය තල්ලු‍ කරගෙන යාම බව ඔහුට අවබෝධ වුණා... ඒ අනුව ඔහු රෑ එළි වෙනකම්ම දහඩිය පෙරාගෙන යතුරු පැදිය තල්ලු‍ කරගෙන එනවිට හොදටම එළිවෙලාලු‍..

Post a Comment

0 Comments