Hot Posts

දරුවනට පෝන් දෙන්නෙ බලාගෙනයි

  

නව යොවුන් වියේ දරුවන් ස්මාර්ට්ෆෝන් සහ සමාජ මාධ්‍ය භාවිතයෙන් වැළැකිය යුතු බව නව පර්යේෂණයක් පෙන්වා දී තිබෙනවා.


වයස අවුරුදු 13ට අඩු දරුවන් අතර ස්මාර්ට්ෆෝන් භාවිතය නිසා සියදිවි නසා ගැනීමේ සිතුවිලි, නරක චිත්තවේගීය නියාමනය, අඩු ආත්ම වටිනාකම, යථාර්ථයෙන් වෙන්වීම යන සිතුවිලි හට ගන්නා බවයි පර්යේෂණයේ දැක්වෙන්නේ.

"Joual of Human Development and Capabilities" සඟරාවේ පළ කරන ලද අධ්‍යයනයක් අනුව, වැඩි වශයෙන් ගැහැණු ළමුන් මේ ආකාරයේ මානසික ගැටළුවලට වැඩි වශයෙන් ලක්වන බව හෙලි වී තිබෙනවා.

සඳුදා විදෙස් මාධ්‍ය වෙත නිකුත් කරන ලද පර්යේෂණ වාර්තාවේ දක්වා ඇත්තේ, වයස අවුරුදු 13 ට පෙර දරුවන් ස්මාර්ට්ෆෝන් භාවිතයට ලක් වීම ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට හානිකර බවයි.

මෙම පර්යේෂණය සඳහා රටවල් 163කින් මිලියන 2කට ආසන්න ජනතාවගේ දත්ත භාවිතා ගෙන තිබෙනවා.

Post a Comment

0 Comments