
සැකකාර තරුණයා පෙරේදා දැරිය සිටි නිවසට රහසිගතව ඇතුළු වී ඇත්තේ සොරකම් කිරීමේ අරමුණින්. ඔහු නිවසට ඇතුළු වී ඇත්තේ නිවැසියන් කිසිවෙකුත් එහි නොසිටිනු ඇති බවට අදහසින්. කෙසේ වෙතත්, එම අවස්ථාවේදී එම නිවෙසහි 13 හැවිරිදි මෙම දැරිය පමණක් සිට තිබෙනවා.
දැරිය දුටු සැකකාර තරුණයා බියට පත්ව දැරියට තර්ජනය කර අනතුරුව ඇගේ කොණ්ඩය පිහියකින් කපා ඇති බවයි පොලීසිය සදහන් කළේ.
සිද්ධියෙන් පසුව සැකකරු එම ස්ථානයෙන් පළා ගොස් ඇති අතර නිවසට පැමිණි දැරියගේ පියා විසිනුයි පොලීසියට මේ පිළිබදව දැනුම් දී ඇත්තේ.
0 Comments