Hot Posts

මහත්තයා නයිට් ගියාම මල්ලී එනවා අපේ ගෙදර

  

සමන්තියි නාලිනියි වාසනායි කියලා කියන්නෙ අවුරුදු ගණනක ඉඳන් හොඳම මිතුරියෝ තුන් දෙනෙක්. ගමන් බිමන් ගියේ, shopping කරේ, අලුත් අලුත් කෑම බීම ජාති හැදුවේ පවා එකටමයි.


ඔන්න එක දවසක් තුන් දෙනා යනවා දුර බැහැර තියෙන හාස්කම් සහිත දේවාලයක් වැඳ පුදාගෙන ඉදිරි අනාගතයට සෙත් ප්‍රාර්ථනා එකතු කරගන්න. තුන් දෙනා උදේ රැයින්ම පිටත් වෙලා ගඟක් එහෙමත් පාරුවකින් තරණය කරලා මහ කැලයක් මැදින් මේ දේවාලෙට එනවා.

මේ දේවාලෙන් ආශිර්වාද ලබාගන්නවා වගේම පව් කමා කරගන්න පුළුවන් වැඩ පිළිවෙලකුත් තියෙනවා. ඔන්න ඉතින් කපු මහත්තයා මේ තුන් කට්ටුව එකටම ඇතුළට ගන්නවා.

යාතිකා එහෙම කරලා තුන් දෙනාගෙම ඉදිරි අනාගත සැලසුම්වලට එකින් එකට ආශිර්වාද ගන්නවා. ඊළඟට පව් කමා කරගන්න පාපොච්චාරණය කරන වෙලාව.

සමන්ති - මම pregnant. ඒත් මගෙ බබාගෙ තාත්තා මගෙ සැමියා නෙමෙයි. අල්ලපු ගෙදර සෑම් තමයි මගෙ බබාගෙ තාත්තා.

නාලිනි - මට මගෙ මහත්තයාගෙ මල්ලි එක්ක සම්බන්ධයක් තියෙනවා. මහත්තයා night duty ඉන්න හැම දවසකම එයා නිදාගන්නෙ මගෙ කාමරේ. එයා වැඩිපුරම ආස මගෙ පියයුරුවලට. කොටින්ම මට කතා කරන්නෙත් පියයුරු බබා කියලා...

දැන් හැමෝගෙම කටවක් අංශක 360'ක් ඇරිලා තියෙන්නෙ. වාසනා පව් කමා කරගන්න අදි මදි කරනවා. "කියන්න අනේ ඔයත්, පාපොච්චාරණය කරලා පව් කරම කරගන්න. අපිත් ඔය ඔච්චර දේවල් කිව්වේ." සමන්තියි නාලිනීයි දෙන්නම

"ඒ දෙකටම වඩා මගේ එක ගොඩක් නරකයි."වාසනා උත්තර දුන්නා.

"අයියෝ ඒකට කමක් නෑ. අපි අතරෙ විතරයිනෙ මේවා. පිටට යන්නෙ නෑනෙ..."නාලිනිත් වාසනාව ධෛර්‍යමත් කළා.

වාසනා - හරි එහෙනම් මමත් කියන්නම්කො. මගෙ නරකම පුරුද්ද තමයි මං ගොඩක් ඕපදූප කියවනවා. මට තව කෙනෙකුගෙ ඕප දූපයක් ගම වටේටම පතුරවනකල් නින්ද යන්නෙ නෑ. ඉතින් මට ජීවිත කාලෙටම පව් කමා කරන්න කපු මහත්තයා...

වාසනා එහෙම කිව්වම අනිත් නෝනලා දෙන්නා ඔලුවේ අත ගහගත්තා...!

Post a Comment

0 Comments