අමෙරිකාවේ පැසිෆික් වෙරළ තීරයේ කැස්කැඩියා කලාපය (cascadia subduction zone) ලෙසින් හැඳින්වෙන ප්‍රදේශයේ ඉදිරි වසර 50 ඇතුළත මෙගා සුනාමියක් ඇතිවිය හැකි බවට Virginia Tech විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් අනතුරු අඟවා තිබෙනවා.
වීඩියෝව👇
මෙම අධ්‍යයනය මෙහෙයවනු ලැබුවේ භූ විද්‍යාඥ ටිනා ඩුරා (Tina Dura) විසින් වෙන අතර ඇය පෙන්වා දෙන්නේ ඉදිරි වසර 50 ඇතුළතදී රිච්ටර් මාපකයේ 8.0 හෝ ඊට වැඩි ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් මෙම ප්‍රදේශයේ ඇතිවීමට 15%ක පමණ අවස්ථාවක් පවතින බවයි.
අවසන් වරට මෙවැනි ප්‍රබල භූමිකම්පාවක් සිදුවී ඇත්තේ වර්ෂ 1700දී වන අතර, වර්තමානයේ එවැනි සිදුවීමක් ඇති වුවහොත්, වෙරළබඩ ප්‍රදේශවල ජන ඝනත්වය වැඩි වීම හේතුවෙන් විශාල විනාශයක් සිදුවිය හැකි බවටයි අනතුරු එම පරීක්ෂණ කණ්ඩායම අනතුරු අඟවන්නේ.
මෙය සාමාන්‍ය සුනාමි රළවල උසට වඩා බෙහෙවින් වැඩිවෙන අතර වෙරළබඩ බිම් අඩි 6.5ක් පමණ ගිලී යාම නිසා ජලයෙන් යටවන ප්‍රදේශ විශාල ලෙස පුළුල් විය හැකියි.
වෙරළබඩ සුනාමි අනතුරු ඇඟවීමේ සංඥා පර්යේෂකයන් අනතුරු අඟවන්නේ, භූමිය ගිලී යාම සහ දැවැන්ත සුනාමි රළ යන දෙකම එකවර සිදුවීමෙන්, සියැටල් (Seattle) සහ පෝට්ලන්ඩ් (Portland) වැනි නගර මිනිත්තු කිහිපයක් ඇතුළත සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවිය හැකි බවයි.
එමගින්, ඉවත් වීමට ඉතා අඩු කාලයක් ඉතිරි වනු ඇති අතර, දස දහස් ගණනක් මරණ සහ බිලියන ගණනක ආර්ථික හානි සිදුවිය හැකියි.
වර්තමාන සුනාමි අවදානම් සිතියම්වල මෙම ද්විත්ව තර්ජනය ඇතුළත් කර නොමැති බවත්, ඒ නිසා නිසි සූදානමක් නොමැති වීම විශාල ව්‍යසනයකට හේතු විය හැකි බවත් මෙම අධ්‍යයනය මගින් අවධාරණය කර තිබෙනවා.
0 Comments