පියයුරු කුඩා වීම බොහෝ කාන්තාවන්ට තිබෙන ප්‍රශ්නයක්. මෙලෙස අළුත්ගම කාන්තාවක් පුවත්පතක වෛද්‍ය ගැටළු සාකච්ඡා කරන පිටුවකට ලිපියක් එවා ඇත්තේ ඒ සම්බන්ධව බෙහෙතක් නිර්දේශ කරගැනීමටයි. මෙම ප්‍රශ්නයට කායික රෝග හා විද්‍යාජෝති මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා අපූරු පිළිතුරක් ලබාදී තිබෙනවා. එම පිළිතුර පහතින් දැක්වේ.
"41 හැවිරිදි ඔබේ ගැටළුව පියයුරු ඉතා කුඩා වීමය. ඔබේ අවුරුදු 21, 15, සහ 11 වයසැති ගැහැනු දරුවන්ගේ ද පියයුුරු ඉතා කුඩාලු. පියයුරු වර්ධනය සඳහා පාවිච්චි කළ හැකි බෙහෙතක් නිර්දේශ කරන ලෙස ඉල්ලා ඇත".
"පියයුරු විශාල කර ගැනීම සඳහා සුරක්ෂිත උපද්‍රව රහිත හා ප්‍රත්‍යක්ෂ බෙහෙත් නොමැත. ඔබේ පියයුරු ඉතා කුඩා යැයි සිතමින් ලතැවීමට ඔබට සම්පූර්ණ අයිතියක් තිබේ. ඔබේ ගැහැනු දරුවන් තිදෙනාට ද එම මානසික අසහනය බෝ කිරීම ගැන නම් මම කණගාටු වෙමි".
0 Comments