මේ කතාව ඇසෙන්නේ උතුරු කොලොම්බියාවේ ඇන්ටියෝකියා පළාතෙන්..
එහි පොලිස් හෙලිකොප්ටරයකට එල්ල වූ ප්‍රහාරයකින් නිලධාරීන් 12 දෙනෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා..

කොකේන් සෑදීමට භාවිතා කරන අමුද්‍රව්‍ය වන කොකා කොළ වගාවන් විනාශ කිරීමට මෙම හෙලිකොප්ටරය යොදවා තිබූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ..
ඇන්ටියෝකියා ආණ්ඩුකාර ඇන්ඩ්‍රෙස් ජූලියන් පැවසුවේ, කොකා කොළ වගාවන් මතින් පියාසර කරමින් තිබූ හෙලිකොප්ටරයට ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල වූ බවයි..
ඒ අතරම කොලොම්බියාවේ කැලි නගරයේ හමුදා කඳවුරක් අසල බෝම්බ ප්‍රහාරයක් සහ උතුරු කොලොම්බියාවේ ඇන්ටියෝකියා ප්‍රදේශයේ පොලිස් හෙලිකොප්ටරයකට එල්ල වූ ඩ්‍රෝන් ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තවත් 60කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා..
දකුණු ඇමරිකානු රටේ නිරිතදිග ප්‍රදේශයේ පිහිටි කැලි නගරයේ නගරාධිපති කාර්යාලය ප්‍රකාශ කළේ, මෝටර් රථ බෝම්බයක් හමුදා ගුවන් සේවා පාසලකට යාබද මාර්ගයක පුපුරා ගිය බවත්, එහිදී පුද්ගලයන් 5 දෙනෙකු මියගොස් දුසිම් ගණනක් තුවාල ලැබූ බවයි..
මෙම ප්‍රහාර දෙක සම්බන්ධයෙන්ම කොලොම්බියාවේ විප්ලවවාදී සන්නද්ධ හමුදාවන්ගේ (FARC) විවිධ බෙදුම්වාදී කණ්ඩායම් වෙත චෝදනා එල්ල වී තිබෙනවා..
කොලොම්බියාවේ ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ සහ ආරක්ෂක අමාත්‍ය පේද්‍රෝ සැන්චෙස් විසින් මෙම ප්‍රහාර හෙළා දැක ඇති අතර, ජනාධිපති පෙට්‍රෝ ඩ්‍රෝන් ප්‍රහාරය "යුද ක්‍රියාවක්" ලෙස හැඳින්වූ අතර, මියගිය නිලධාරීන් වෙනුවෙන් ශෝකය පළකර සිටිනවා..

0 Comments