
බහිරවයා කැමරාවේ සටහන් වූ අයුරු👇
එම අවස්ථාවේදී පලා ගිය සැකකරුවකු සොයා විමර්ශන ක්‍රියාත්මක බවත් පොලිසිය සදහන් කළා.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මිහිඳු පුර ප්‍රදේශයේ පදිංචි එම නිවසේ හැවිරිදි කාන්තාවක්, කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 35හැවිරිදි පුද්ගලයකු සහ ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙක්.
එම සැකකාරිය සහ සැකකරුවන් එම නිවසේ අඩි 9 පමණ පළලට සහ අඩි 20කට ආසන්න ගැඹුරින් යුතුව වළක් හාරා එම කැණීම සිදු කර තිබූ බවත්, වැටලීම සිදු කරන අවස්ථාවේදී, එම කැණීම් වළ තුළ ජලය අඩි 15ක පමණ ප්‍රමාණයක් පිරී තිබූ බවත් සැකකරුවන් වතුර මෝටරයක් යොදා ගෙන එහි ජලය ඉවත් කරමින් සිටි බවත් පොලිසිය සඳහන් කරනවා.
නිවසේ මුළුතැන්ගෙය තුළ පොළොව යට නිධන් වස්තු තැන්පත් කර ඇති මුට්ටියක් තිබෙන බවට ජ්‍යෝතිෂ්‍යවේදියකු විසින් එම නිවසේ සිටි කාන්තාවට පැවසීමෙන් අනතුරුව මෙම කැණීම ආරම්භ කර තිබූ බවයි පවසා ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී, ජලයේ ගිල්විය හැකි වතුර මෝටරයක්, අඩි 60ක් දිග වතුර බටයක්, වයර් රෝලක් සහ විදුලි පේනුවක්, උදලු, සවල්, බන්දේසියක්, මැටි පහන් ඇතුළු පූජා භාණ්ඩ සොයා ගත් බව ද පොලිසිය සඳහන් කරනවා.
0 Comments