Hot Posts

ලොවපුරා සිටින අමෙරිකානුවන්ට අනතුරු ඇගවීමක්

 

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් විදේශයන්හි සංචාරය කරන හෝ ජීවත්වන අමෙරිකානු පුරවැසියන්ට දැඩි අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා. 

 
එම දෙපාර්තෙමේන්තුව සඳහන්කරන්නේ ඊශ්‍රායලය සහ ඉරානය අතර යුද්ධය ගෝලීය වශයෙන් සංචාරක බාධා ඇති කර ඇති බැවින්, විදේශයන්හි සංචාරය කරන ඇමරිකානුවන් ඉතා ප්‍රවේශම් විය යුතු බවයි. 
 
ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුම හේතුවෙන් මැදපෙරදිග හරහා ගමන් බිමන් වලට බාධා ඇති වී ඇති අතර ගුවන් අවකාශය වරින් වර වසා දමා ඇති බවත් එම දෙපාර්තමේන්තුව පවසනවා.
 

එමෙන්ම සංචාරය සැලසුම් කිරීමේදී එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් සකස්කර ඇති සංචාරක උපදේශනය පිළිබඳා වැඩිදුර අවධානය යොමුකරන ලෙසයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටින්නේ.

Post a Comment

0 Comments